සිම් සිය අහිංසකාවිය දෙස ආදරයෙන් බලා පැවසුවේය…
********************************************************************************
සදාකාලිකත්වයේ රහස සොයා මිනිසුන් නොනැවතී යන මේ ගමන දෙස උපේක්ෂාවෙන් බලා සිටි ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය…
තමන් පතන සදාකාලිකත්වය තමා තුලින් සොයා නොගෙන මායාවන් ලුහුබැඳීම පිළිබඳව ඔවුන් තමුන්ගේ වර්ගයාට දොස් නොපැවරූහ.. ඒ ඔවුන් අනිත් වුන්ට වඩා උසස් යැයි සිතා සිටි නිසා නොව අවබෝධය යනු ලබාගත යුතු දෙයක් මිස ඉබේ නොලැබෙන දෙයක් බව ඔවුන් මනාව දැන සිටි හෙයිනි…
කිසිවිටෙකත් ඔවුන් සිය නෑයින්ගේ ක්‍රියාවන් පිළිබඳව තිබූ අවදානයේ වෙනසක් සිදු නොවීමට වග බලා ගත්හ… අවශ්‍යවිට අවශ්‍ය දේ කිරීමට ඔවුන් කිසි විටෙකත් පසුබට නොවනු ඇත…
*********************************************************************************
අර මොකක් ද?
සෙන්ට්‍රිනෝ නැඟෙනහිර දෙසින් ගලා ආ මීදුම් පටලය දෙස බලමින් ඇසීය…