ක්රම ක්රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…
ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…
වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…
දෙවියනේ මේ මොක්කුද???
දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… අසළ සිටි වෙඩික්කරුවා බිම පෙරෙලෙමින් හඩ නැඟීය..
ඔහුගේ හිස වසා සිටි පිසාච මැස්සන් ගේ ප්රහාර වලින් සිදුරු වූ මුහුණින් ලේ පෙරෙමින් තිබිණි.
බිම පෙරෙලමින් මැස්සන් ගසමින් සෙබළුන් සී සී කඩ දිව ගියෝය..
දස අතින් නැඟුණ මරහඩ සහ වෙඩි හඩ අතරින් පියඹා ආ ලේ පිපාසිත පිසාච මැස්සන් ගේ හඩින් නිසල වනය සසල වී ගියේය.